ඕකිඩ් හෙවත් උඩවැඩියා 1. . . . . . . . . .
ලංකාවේ පහතරට ප්‍රදේශවල මෙන්ම
උඩරට ප්‍රදේශවල ද
ඕකිඩ් වගාව දක්නට ලැබේ. ඇතැම් ඕකිඩ් මල් පිපුණු පසු මුලු
පාළාතම සුවදවත් කරන අතර ඇතැම් මල් පිපුණු පසු දුර්ගන්ධයක් ගෙන එයි. ඕකිඩ් අයත්
වන්නේ ඕකිඩේසියේ (Orchidaceae )කුලයටයි. ලොව පුරා ස්වාභාවික ඕකිඩ් වර්ග 25000
-30000 ක් පමණ හඳුනාගත හැකියි. මීට අමතරව දෙමුහුම් උඩවැඩියා
වර්ගත් 40000 ක් පමණක් වේ. මේ අතරේ ඕකිඩ් විශේෂ 19000
ක් පමණ ආර්ථික වටිනාකම් ඇතැයි සැලකේ. ප්‍රධාන වශයෙන් ලංකාවේ දේශගුණය මත ඕකිඩ් මල් වර්ග කිහිපයක් වැඩෙයි. එනම් ඩෙන්ඩෝබියම්
(Dendrobium)
වැන්ඩා (Vanda) ඔන්සීඩියම්
(Oncidium) කැටලියා (Cattleya) පැලනොප්සිස් (Phalaenopsis) සිම්බිඩ්යම්
(Cymbidium)
යනාදියයි. කිනිති ලෙස මල් පූදින ඕකිඩ් මෙතරම් සුවිශේෂී වන්නේ එහි ඇති අසීමිත
සුන්දරත්වය නිසාමයි. මේ නිසාම බොහෝ අය ඕකිඩ් වගාව කෙරෙහි දැඩි උනන්දුවක් දක්වයි.
ඕකිඩ් මල් වගාව ආරම්භ කිරීමට පෙර අවධානය
යොමු කළ යුතු කරුණු කිහිපයකි.
- ගෘහ සැලැස්ම -
ඕකිඩ් පැළ වගා කිරීමට පෙර ඕකිඩ් වගා ගෘහ සැලැසුමක් සකස් කර ගත
යුතුයි. මෙය භාවිත කරන්නේ කුඩා පැළ වගා කිරීමට සුදුසු රාක්කයක් ලෙසටය. ඕකිඩ් වගාවට
හිරු එළිය ප්‍රමාණයට වඩා වුවමනා නැත. හිරු එළිය පතිත වන ස්ථානයක් නම්
අනිවාර්යයෙන්ම සෙවණ දැලක් භාවිත කළ යුතුයි.
- හොඳින් සෝදා වේළාගත් හණ ගෝනිවල මැහුම් කපා දිගහැර එක පොටක් පමණක් කම්බි දැල මත අතුරන්න. කුඩා පැළ නම් එකිනෙක ගැටෙන ලෙස ද ලොකු පැළ නම් අඟල් 2ක් පමණ ඈතින් සිටින අන්දමට ද ඒ මත පැළ සහිත පෝච්චි තබන්න.
- පෝච්චියේ යටින් වතුර වෑහෙනතුරු මල් බාල්දියෙන් වතුර දමන්න
- රාක්කයේ යට (පැළ තබා තිබෙන ගැල්වනයිස් කම්බි දැල යට) තෙතමනය රඳවා ගැනීම සඳහා කොහුබත් හෝ ලී කුඩු පොළොව මත අතුරා එය නිතරම තෙත්ව තබන්න.
- උදේ තදින් අව්ව පායන්න පෙර (පෙ.ව. 8.30ට පෙර) පොහොර ඉසින යන්ත්‍රයෙන් පොහොර යොදන්න. වැසි දිනවල හා අව්ව නැති දිනවල පොහොර නොදමන්න.
- ගොළුඛෙල්ලන් හා හංගොල්ලන් කොළ හා මල් කා දමන බැවින් වගාවේ හා ඒ අවට සිටී නම් ඉවත් කරන්න
- වැසි කාලවලදී සතියකට දෙවරක් (කැප්ටාන්, මැන්කොසෙබ්, ඇන්ටුකෝල් වැනි) දිලීර නාශකයක් යොදන්න. මේය යෙදිය යුත්තේ වැසි ඇද නොහැලෙන විටකදීය. පායන කාලවලදී සතියකට වරක් පමණක් දිලීර නාශක යොදන්න.
අවශ්‍ය
තෙතමනය :-ආර්ද්‍රතාවය හෙවත් තෙතමනය 70%-75% දක්වා දිවා කාලයේ දී තිබෙන පළාත්වල ඩෙන්ඩ්‍රෝබියම් වර්ග වගා කිරීමෙන්
හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිය. මෙම මල් සඳහා දැඩි වර්ෂාව යෝග්‍ය වේ. තද ශීත කාළගුණික
තත්ව සහ අධික වැසි කාළ වලදී මෙම වර්ගයට විවිධ ආසාදන ඇතිවිය හැකිය.ඕනෑම උඩවැඩියා
ශාකයකට ජලය සැපයීමේදී ජලයේ අන්තර්ගත ඇන්කලීන් සහ ඇසිටික් ප්‍රමාණය වගාවේ පැවැත්ම
තීරණය කරයි.ලවණ තත්වය අධික ජලය යෙදීමෙන් වගාව විනාශ වී යා හැකිය.මේ නිසා ජලයේ
අන්තර් ගත PH අගය මෙහිදී සලකා බැලිය යුතුය.වගාව සදහා යොදන
ජලය සාමාන්‍යයෙන් 05 PH හා 6.5 PH
අතර අගයකින් යුක්ත විය යුතුය.
පොහොර
යෙදීම :- කුඩා පැළ හෝ බල්යකින් වෙන් කර ගන්නා ශාක සිටුවා දින 18-21 අතර කාළය තුළ කිසිදු පොහොරක් යෙදීම සුදුසු නැත. මෙම පැළ මාධ්‍යයට
අලුත් නිසා කිරි මුල් පැන නැගී මාධ්‍යයට සවිවන තෙක්
පොහොරක් යෙදීම සුදුසු නැත. මෙම පැළ සදහා දිනපතා උදය සවස ජලය යෙදීම පමණක් යෝග්‍ය
වේ. මුල් සති තුන තුළදී සෙවන ස්ථානයක මෙම බඳුන් තැබිය යුතුය. මුල් ඇදී එන බව පෙනුන විට එතැන් පටන් කුඩා පැළ සඳහා පොහොර කුඩා
ප්‍රමාණයක් ජලය සමඟ මිශ්‍ර කර යෙදීම සුදුසුය .පැළය වැඩී මල් මුලින්ම එන කාළය තුළදී
යෙදිය යුතු පොහොර සංයුතිය නයිට්රජන් (N),පොස්පරස් (P),
හා පොටෑසියම් (K) සමබර විය යුතුය.මෙය N.
P. K. 20: 20: 20: ලෙස දැක්විය හැකිය.
මනා
ලෙස රැකබලා ගන්නා ඕකිඩ් වගාවක් තුළින් අසිරිමත් සිරියාවක් චමත්කාරයක් ගෙන දෙනු ඇත.
කැට්ලියා ඕකිඩ් ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ්
ඔන්සීඩියමි ඕකිඩ් ඔඩොන්ටොග්ලොසම් ඕකිඩ්
පැලනොප්සිස් ඕකිඩ් ඕකිඩී සිගොපෙටාලම්
Hodha article akak
ReplyDeletemaruuuu kaleeeeee
ReplyDelete