උද්‍යාන අලංකරණය
වර්තමානයේ
බොහෝ නිවස් වල ගෙමිදුල සදහා ඇති ඉඩකඩ සීමිත වේ. ඇතැම් තැන් වල ඉඩකඩ ඇත්තේම නැත.
එහෙත් නිර්මාණශීලීව හිතා බැලුවොත් වඩාත් මන බදිනා ගෙමිදුලක් නිර්මාණය කරගත හැකිය
උද්‍යාන නිර්මාණය අපූර්ව වූත් සුන්දරවූත් කලාවකි. ඒ තුළින් ජීවිතයට ලැබෙන මානසික සුවය, සතුට අපමණයි. නිවස යනු හුදු වාසස්ථානයක් පමණක්ම නොවේ. සුන්දර වූත්, දැකුම්කළු වූත් නිවස වඩාත් සොඳුරු ඉසව්වක් බවට පත් වන්නේ නිවස වටා ඇති ගෙමිදුල දැකුම්කළු ලෙස නිර්මාණය කිරීම තුළිනි.
අලංකාර තලයේ ගෙවත්තක අසිරිය නෙතට වගේම සිතටත් අරගෙන එන සුවය කොතරම්ද? 'ඔබේ ගෙමිදුල පරිසර පද්ධතියක් තුළ තිබෙන නිර්මාණ
කුටියක් කිරීමට නම් ප්‍රථමයෙන් ඒ සඳහා ඔබේ කාලය, ශ්‍රමය සහ කැපකිරීම උපරිමව ලබාදිය යුතුයි.
සරලව කියන්නේ
නම් අලංකෘත උද්‍යානයකට අවශ්‍ය මූලික සම්පත් ලෙස හිරු එළිය, වාතය,
ජලය යන කාරණා තුනයි. ඒවා අංගසම්පූර්ණ ලෙස උකහාගෙන උද්‍යානය පිළිසකර කරන්නේ නම්, එහි පැවැත්ම හා සුන්දරත්වය හැමදාමත්
තියේවි.
ගෙමිදුල අලකරණයේ
කෙටි පියවරය
· ස්ථානය අනුව ශාක තෝරා ගන්න.
· සැලැස්මක් නිර්මාණය කරන්න · පහසු පැළවලින් ආරම්භ කරන්න
· දින දර්ශනයක් පාවිච්චි කරන්න
· ජල සැපයුම ක්‍රමානුකූලව කරන්න
· ඉවසිලිවන්ත භාවය ඇතිකර ගන්න
· නියමිත පරිදි උද්‍යානය නඩත්තු කරන්න
උද්‍යාන අලංකරණය කරන්නේ
ඇයි
1. ගතට සිතට සැනසිලිදායක හා ආරක්ෂිත වටපිටාවක ජීවත් වීමට ලැබීම.
පරිසරයේ සුන්දරත්වය හා දැකුම්කළු බව වැඩි වෙනකොට ජීවිතේ ඉබේම සුවදායී වෙයි. මනස සැහැල්ලු වන අතර ගත-සිත තෘප්තිමත් වීම හරහා ඉහල සෞඛ්‍ය ප්‍රතිලාභයක් අත්වනු ඇත. ඒ වගේම මැසි-මදුරු කරදර වලින් තොර, සත්තු-සර්යින්ගෙන් ඇති අවධානම බැහැර වූ ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය වෙයි.
2. ගෙවත්තෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ.
මල් වර්ග, ඖෂධ වර්ග විතරක් නෙවෙයි එළවලු පළතුරු කුළුබඩු වර්ග වැනි දේ යම් ප්‍රමාණයකුත් උද්‍යානය තුලට එකතු කර ගැනීමට හැකිය. උද්‍යාන විද්‍යාවේ දී සෑම ඉඩක්ම භාවිතා කිරීමට සැලකිලිමත් විය යුතුය.
3. පාංශු ඛාදනය වැනි උවදුරු වලින් භූමියට ලැබෙන ආරක්ෂාව.
මෙය උද්‍යාන සැලසුම්කරණයේ දී මූලිකවම අවධානය යොමු කරණ කාරණයකි. දැනටමත් භූමියට සිදුව ඇති හානි ඇත්නම් ඒවාට පිළියම් යෙදීමත්, ඉදිරියේදී සිදුවීමට ඉඩ ඇති හානිදායක තත්ත්වයන් අවම කිරීමට විද්‍යාත්මක පූර්වෝපායයන් යෙදීමත් නිසා භූමියේ ආරක්ෂාව නිසැකවම තහවුරු වේ.
4. පවුලේ සාමාජිකයින් අතර ඇතිවන මනා සම්බන්ධතාවය.
හොඳින් සැලසුම් කළ උද්‍යානයක් එම ගුණාත්මයෙන්ම දිගටම පවත්වාගෙන යාමට නම්, කාලීනව එහි නඩත්තු කටයුතු කරගෙන යා යුතුමයි. එහිදී පවුලේ අයගේ නිවාඩු පාඩු වෙලාවල් ඒ සඳහා යොදා ගැනීමෙන් සාමූහික ක්‍රියාකාරකමක් බවට එය පත්කරගත හැකියි. එය අවිවේකී ජීවන රටාව තුල එකිනෙකා අතර හොඳ සම්බන්ධතාවයක් ඇතිකරන්න උපකාර වෙනවා වගේම තමන්ගේ විවේක කාලය අර්ථාන්විතව ගතකරන්නට ද හොඳ කාරණයක් වෙයි. ඒ වගේම එය ගතට-සිතට දෙකටම හිතකර ව්‍යායාමයක් ද වෙයි.
5.පරිසර සංරක්ෂණයට දායක වීම.
උද්‍යාන නඩත්තුවේදී නිරන්තරයෙන් පිරිසිදු කෙරෙන බැවින් භාහිර හා අභ්‍යන්තර කාරකයන් මඟින් පරිසරය දූෂණය වීම අවම වේ. ලෙඩ රෝග පතුරුවන බීජකාරකයින් හා වාහකයින් විනාශ වීම හේතුවෙන් මාරාන්තික වසංගත රෝග පාලනය වේ. උද්‍යාන අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය කර කාබනික පොහොර බවට හැරවීමෙන් කෘතීම රසායනික පොහොර භාවිතය අවම කළ හැකියි.
6 .සුඛෝපභෝගී පරිසරයක දිවි ගෙවීමට ලැබීම මඟින් උදාවන ඉහල ජීවන මට්ටම හා එයින් ඇතිවන ආත්මතෘප්තිය ඇතුළු තවත් ඔබ නොහිතන අති විශාල ප්‍රතිලාභ රාශියක් උද්‍යාන අලංකරණය තුලින් ළඟා කරගත හැකිය
Useful idea හැඩකාරී
ReplyDeleteThank u....
DeleteIt's a very important article
ReplyDeleteThank u.....
DeleteHodha article akak
ReplyDeletemaruuuu kalpani
ReplyDeletewowwww niyamaiii hadakaree
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete