Tuesday, January 30, 2018

ඕකිඩ් හෙවත් උඩවැඩියා 2.................


ඕකිඩ් හෙවත් උඩවැඩියා 2....................
 


                                     ඕකිඩ් පැළ බෝ කර ගැනීම

                                            

ඕකිඩ් අංකුර පැළ සඳහා පින්තුර ප්‍රතිඵල ඕකිඩ් වෙනත් බොහෝ ශාක වලට වඩා අඩු වේගයකින් වර්ධනය වන නිසා පැළ බෝ කර ගැනීමේ  ක්‍රියාවලියට වැඩි කාලයක් ගත වෙයි. බීජ පරාගනයේ සිට උඩවැඩියා පැළයක් මල් පිපෙන තත්ත්වයට ගැනීම සදහා පහක් හතක් වැනි කාලයක් ගත වෙයි. ඕකිඩ් ආකාර දෙකකට ප්‍රචාරණය කරගත හැකිය. එනම් බීජ විසින් ලිංගික ප්‍රචාරණයයි. අනෙක ශාකමය හෙවත් වර්ධක ප්‍රචාරණයයි.


  • බීජ ප්‍රරෝහණය

බීජ ප්‍රරෝහණය ආරම්භ වන්නේ ඕකිඩ් මල් පරාගණය සිදු කරන අවස්ථාවේ පටන්ය. මල් පරාගනය සිදුකර වගාවට අවශ්‍ය බීජ සහිත ඕකිඩ් කරලක් වවා ගත යුතුය. පරාගනය ආකාර දෙකකට සිදු කර ගත හැකිය. එනම් පරාගනය හා ස්ව පරාගනයයි. ස්ව පරාගනයෙන් පරාගනය සිදුකල ඕකිඩ් මලකට සමාන මලක් සහිත පැළ ද පරාගනයෙන් පරාගනයට බදුන් කල මල් වර්ග දෙකක ලක්ෂණ සහිත මල් පැළද බිහි වේ. නිපදවා ගත් ඕකිඩ් බීජ සහිත කරල විද්‍යාගාර තත්වයන් යටතේ විවෘත කර මේ බීජ පෝෂ්‍ය පදාර්ථ හා වර්ධක හොමෝන අඩංගු ජෙලටීනමය  ද්‍රාවනයක් මත වගා කරගත යුතුය. බීජ වැපිරීමේ සිට පැළ ලබා ගැනීමට මාස 12ක් පමණ ගත වේ.

  • පටක රෝපණය


මෙය ආකාර කිහිපයකින් සිදුකර ගත හැකිය.

  1. බීජ රෝපණය (seed culture)
  2. කළල රෝපණය  (embryo culture)
  3. උපාංග (ශාක කොටස්) රෝපණය (organ culture)
  4. කිණක රෝපණය (callus culture)
  5. සෛල රෝපණය සහ සෛල අවලම්බන රෝපණය (cell suspension culture)
  6. ප්‍රාක් ප්ලාස්ම රෝපණය (protoplast culture)

            ඕකිඩ් පටක රෝපණයේදී වඩාත් බහුලව භාවිතයට ගන්නේ උපංග (ශාක කොටස්) රෝපණයයි. බීජ ප්‍රරෝහණය   සහ පටක රෝපණය මගින් පැළ බෝ කර ගැනීම අතිශය කල්ගත වන කාර්යයක් සේම ඉහළ ආයෝජනයක් කළ යුතු කාර්යයකි.


  • වර්ධක ප්‍රචාරණය

වර්ධක ප්‍රචාරණය කිහිප ආකාරයකින් සිදු කර ගත හැකිය.

1.    බෙදීම මගින්

2.    ව්‍යාජ බල්බ මගින්

3.    වායව අංකුර මගින්

4.    අග්‍රස්ථ අංකුර මගින්


  • බෙදීම මගින්

                  ඕකිඩ්  පැළ සඳහා පින්තුර ප්‍රතිඵල


මෙහිදී හොදින් වැඩුණ ඕකිඩ් පැළෑටියක් ව්‍යාජ බල්බ 3-4 කොටස් වලට වෙන්කොට සිටුවනු ලබයි. ඩෙන්ඩ්‍රෝබියම් මෙලෙස පහසුවෙන් බෝ කරගත හැකිය.


  • බල්බ මගින්



අදාළ රූපයබොහෝවිට ඕකිඩ් බල්බ වගා කිරීමේ ක්රමයක් භාවිතා කළේය හොදින් වැඩුණු ශාක වල ව්‍යාජ බල්බ වෙන්කර සිටුවීම මෙහිදී සිදුකරන අතර පළමුව තෙත් කරගත් වැලි මාධ්‍යයක සිටුවා ගත යුතු ඉන් 6කට  පසු එයින් ඇති වන අංකුර ව්‍යාජ බල්බ කොටස්ද සමගම වෙනම මාධ්‍යයක සිටුවා ගත යුතුය. කඳේ මෙම කොටස පිහියකින් හෝ වකුගඩු සමඟ ශාකයේ ප්රධාන කඳේ සිට වෙන් කළ යුතුය. සකස් කළ පසෙහි කැපුම් බල්බ දාන්න, එය උණුසුම් කාමරයක (22-25 ⁰С) හා අතිශයින් වතුර පෙවී ඇත. බල්බ ප්ලාස්ටික් කූඩයක බඳපටිය එහි පැත්තක සිදුරු කර තැබීම වඩා සුදුසුය. එය මූලයන් ඇති විට, ශාක සාමාන්ය බඳුනක රෝපණය කළ හැක.


  • වායව අංකුර මගින්
             අදාළ රූපය




ව්‍යාජ බල්බ වලට ඉහළින් හට ගන්නා අංකුර හොදින් වර්ධනය වූ පසු බල්බ කොටසක්ද සමග කැපූ කෙලවර දීලීර නාශකයක ගිල්වා මාධයයක රෝපණය කල හැකිය. අංකුර අගල් එකේ සිට දෙකක් පමණ දික් වූ මුල්වලින් යුක්ත වේ නම් ගලවා සිටු වීමට සුදුසුය.

  • අග්‍රස්ත කැබලි මගින්
                   අදාළ රූපය

         
මෙහිදී දිගු කැබලි සහිත දඩු සිටුවනු ලබන අතර සුදුසු දිලීර නාශකයක් භාවිතා කළ යුතුය. වැන්ඩා ෆොක්ස් ටේල් ආදිය කැබලි කපා සිටුවිය හැකිය.

                                      බඳුන් ගත කිරීම



  •  බඳුන් ගත කිරීම

           ලී බඳුන්
          මැටි බඳුන්                                                       ප්ලාස්ට්ක් බඳුන්



  •  බඳුන් මාධ්‍යය
             අගුරු
           පොල් ලෙලි
           චිප් ගල්























3 comments:

ඕකිඩ් හෙවත් උඩවැඩියා 2.................

ඕකිඩ් හෙවත් උඩවැඩියා 2 ....................                                        ඕකිඩ් පැළ බෝ කර ගැනීම                       ...