Monday, January 29, 2018


ඕකිඩ් හෙවත් උඩවැඩියා 1. . . . . . . . . .




ඕකිඩ් සඳහා පින්තුර ප්‍රතිඵලමල් සුන්දර ය. එමෙන් ම පිවිතුරු ය. එදෙස එක් වතාවක් බැලූ විට තව දහස් වතාවක් බලන්නට අපි සැවොම කැමැති ය. ලංකාව ගත් විට මල් වලට ඇත්තේ පුදුමාකාර ඉල්ලුමකි. තේජාන්විතව විකසිත වී ආඩම්බර ලීලාවෙන් මල් ලොවේ විකසිත වන ඕකිඩ් මල් ස්බාදහමේ අපූරු නිමවුමක් වන මෙය උඩවැඩියා ලෙසත් නම් පටබැදි ඇත. ලංකාවේ මෙන්ම ලෝකයේත් සෑම රටකම පාහේ දක්නට ඇති ඕකිඩ් මල් පිළිබදව අවධානය යොමු වූයේ 19 ශතවර්ෂයේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු විසින් බ්‍රසීලයේ සිට, තමා එක් රැස් කර ගත් ඕකිඩ් මල් පිරවු බඳුනක් එංගලන්තයට ගෙන යාමත් සමගයි. පුරාණ එංගලන්ත වාර්තා වල ඇති පරිදි ලෝකයේ අනුරාගීම මල ලෙස පිදුම් ලැබුවේත් මෙම මලයි.

 ලංකාවේ පහතරට ප්‍රදේශවල මෙන්ම උඩරට ප්‍රදේශවල ද ඕකිඩ් වගාව දක්නට ලැබේ. ඇතැම් ඕකිඩ් මල් පිපුණු පසු මුලු පාළාතම සුවදවත් කරන අතර ඇතැම් මල් පිපුණු පසු දුර්ගන්ධයක් ගෙන එයි. ඕකිඩ් අයත් වන්නේ ඕකිඩේසියේ (Orchidaceae )කුලයටයි. ලොව පුරා ස්වාභාවික ඕකිඩ් වර්ග 25000 -30000 ක් පමණ හඳුනාගත හැකියි. මීට අමතරව දෙමුහුම් උඩවැඩියා වර්ගත් 40000 ක් පමණක් වේ. මේ අතරේ ඕකිඩ් විශේෂ 19000 ක් පමණ ආර්ථික වටිනාකම් ඇතැයි සැලකේ. ප්‍රධාන වශයෙන් ලංකාවේ දේශගුණය මත ඕකිඩ් මල් වර්ග කිහිපයක් වැඩෙයි. එනම් ඩෙන්ඩෝබියම් (Dendrobium)  වැන්ඩා  (Vanda)  ඔන්සීඩියම්  (Oncidium)  කැටලියා  (Cattleya) පැලනොප්සිස් (Phalaenopsis) සිම්බිඩ්යම්  (Cymbidium)  යනාදියයි. කිනිති ලෙස මල් පූදින ඕකිඩ් මෙතරම් සුවිශේෂී වන්නේ එහි ඇති අසීමිත සුන්දරත්වය නිසාමයි. මේ නිසාම බොහෝ අය ඕකිඩ් වගාව කෙරෙහි දැඩි උනන්දුවක් දක්වයි.
ඕකිඩ් මල් වගාව ආරම්භ කිරීමට පෙර අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයකි. 
  • ගෘහ සැලැස්ම -
ඕකිඩ් පැළ වගා කිරීමට පෙර ඕකිඩ් වගා ගෘහ සැලැසුමක් සකස් කර ගත යුතුයි. මෙය භාවිත කරන්නේ කුඩා පැළ වගා කිරීමට සුදුසු රාක්කයක් ලෙසටය. ඕකිඩ් වගාවට හිරු එළිය ප්‍රමාණයට වඩා වුවමනා නැත. හිරු එළිය පතිත වන ස්ථානයක් නම් අනිවාර්යයෙන්ම සෙවණ දැලක් භාවිත කළ යුතුයි.
  • හොඳින් සෝදා වේළාගත් හණ ගෝනිවල මැහුම් කපා දිගහැර එක පොටක් පමණක් කම්බි දැල මත අතුරන්න. කුඩා පැළ නම් එකිනෙක ගැටෙන ලෙස ද ලොකු පැළ නම් අඟල් 2ක් පමණ ඈතින්  සිටින අන්දමට ද ඒ මත පැළ සහිත පෝච්චි තබන්න.
  • පෝච්චියේ යටින් වතුර වෑහෙනතුරු  මල් බාල්දියෙන් වතුර දමන්න
  • රාක්කයේ යට (පැළ තබා තිබෙන ගැල්වනයිස් කම්බි දැල යට) තෙතමනය රඳවා ගැනීම සඳහා කොහුබත් හෝ ලී කුඩු පොළොව මත අතුරා එය නිතරම තෙත්ව තබන්න.‍
  • උදේ තදින් අව්ව පායන්න පෙර (පෙ.ව. 8.30ට පෙර) පොහොර ඉසින යන්ත්‍රයෙන් පොහොර යොදන්න. වැසි දිනවල හා අව්ව නැති දිනවල පොහොර නොදමන්න.
  • ගොළුඛෙල්ලන් හා හංගොල්ලන් කොළ හා මල් කා දමන බැවින් වගාවේ හා ඒ අවට සිටී නම් ඉවත් කරන්න
  • වැසි කාලවලදී සතියකට දෙවරක් (කැප්ටාන්, මැන්කොසෙබ්, ඇන්ටුකෝල් වැනි) දිලීර නාශකයක් යොදන්න. මේය යෙදිය යුත්තේ වැසි ඇද නොහැලෙන විටකදීය. පායන කාලවලදී සතියකට වරක් පමණක් දිලීර නාශක යොදන්න.
ඕකිඩ් වර්ග සඳහා පින්තුර ප්‍රතිඵල ප්‍රධාන ඕකිඩ් වර්ගයක් වන  ඩෙන්ඩ්‍රෝබියම් සාමාන්‍යෙයන් හොද තෙතමනයක් ඇති උණුසුම් දේශගුණික පරිසරයක ව්‍යාප්ත වේ. මෙම වර්ගය බොහෝ විට සෙල්සියස් අංශක  25-32  අතර උෂ්ණත්වයක් මත වැඩෙන අතර රාත්‍රී කාලයේදී උෂ්ණත්වය  සෙල්සියස් අංශක 15 ට වඩා අඩු නොවන ස්ථාන විය යුතුය. ඩෙන්ඩ්‍රෝබියම් වර්ග සදහා එක එල්ලේ පතිත වන හිරු රශ්මියෙන් 50% ක් පමණ අවශ්‍යවේ. එක එල්ලේ පතිත වන දැඩි හිරුරැස් අවශ්‍ය පමණට පාලනය කර ගැනීම සදහා නයිලෝන් දැල් භාවිතා කළ හැකිය. ඩෙන්ඩ්‍රෝබියම් ශාකය තුළම ඇති නොයෙකුත් වර්ග සදහා හිරු රැස් ලබා දීමේ ක්‍රමය වෙනස් වේ. ඩෙන්ඩ්‍රෝබියම් කේන් වර්ගය සදහා එක එල්ලේ පතිතවන හිරු රශ්මියෙන් 60% ක් පමණ අවශ්‍ය වේ. කෙසේ වෙතත් පැලෑටි කුඩා අවධියේදී ලබා දෙන හිරු රැස්  පාලනය කිරීම යෝග්‍ය වේ. 
අවශ්‍ය තෙතමනය :-ආර්ද්‍රතාවය හෙවත් තෙතමනය 70%-75% දක්වා දිවා කාලයේ දී තිබෙන පළාත්වල ඩෙන්ඩ්‍රෝබියම් වර්ග වගා කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිය. මෙම මල් සඳහා දැඩි වර්ෂාව යෝග්‍ය වේ. තද ශීත කාළගුණික තත්ව සහ අධික වැසි කාළ වලදී මෙම වර්ගයට විවිධ ආසාදන ඇතිවිය හැකිය.ඕනෑම උඩවැඩියා ශාකයකට ජලය සැපයීමේදී ජලයේ අන්තර්ගත ඇන්කලීන් සහ ඇසිටික් ප්‍රමාණය වගාවේ පැවැත්ම තීරණය කරයි.ලවණ තත්වය අධික ජලය යෙදීමෙන් වගාව විනාශ වී යා හැකිය.මේ නිසා ජලයේ අන්තර් ගත PH අගය මෙහිදී සලකා බැලිය යුතුය.වගාව සදහා යොදන ජලය සාමාන්‍යයෙන් 05 PH  හා  6.5 PH  අතර අගයකින් යුක්ත විය යුතුය. 
ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් මල් සඳහා පින්තුර ප්‍රතිඵල
පොහොර යෙදීම :- කුඩා පැළ හෝ බල්යකින් වෙන් කර ගන්නා ශාක සිටුවා දින 18-21 අතර කාළය තුළ කිසිදු පොහොරක් යෙදීම සුදුසු නැත. මෙම පැළ මාධ්‍යයට අලුත් නිසා කිරි මුල් පැන නැගී මාධ්‍යයට  සවිවන තෙක් පොහොරක් යෙදීම සුදුසු නැත. මෙම පැළ සදහා දිනපතා උදය සවස ජලය යෙදීම පමණක් යෝග්‍ය වේ. මුල් සති තුන තුළදී සෙවන ස්ථානයක මෙම බඳුන් තැබිය  යුතුය. මුල් ඇදී එන බව පෙනුන විට එතැන් පටන් කුඩා පැළ සඳහා පොහොර කුඩා ප්‍රමාණයක් ජලය සමඟ මිශ්‍ර කර යෙදීම සුදුසුය .පැළය වැඩී මල් මුලින්ම එන කාළය තුළදී යෙදිය යුතු පොහොර සංයුතිය නයිට්‍රජන් (N),පොස්පරස් (P), හා පොටෑසියම් (K) සමබර විය යුතුය.මෙය N. P. K. 20: 20: 20: ලෙස දැක්විය හැකිය.
මනා ලෙස රැකබලා ගන්නා ඕකිඩ් වගාවක් තුළින් අසිරිමත් සිරියාවක් චමත්කාරයක් ගෙන දෙනු ඇත.



ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් මල් සඳහා පින්තුර ප්‍රතිඵල
     කැට්ලියා ඕකිඩ්                                               ඩෙන්ඩ්රෝබියම් ඕකිඩ්
       ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් මල් සඳහා පින්තුර ප්‍රතිඵල
    ඔන්සීඩියමි ඕකිඩ්                                            ඔඩොන්ටොග්ලොසම් ඕකිඩ්

  ඔන්සීඩියමි  ඕකිඩ් මල් සඳහා පින්තුර ප්‍රතිඵල                      ඔන්සීඩියමි  ඕකිඩ් මල් සඳහා පින්තුර ප්‍රතිඵල
        පැලනොප්සිස් ඕකිඩ්                                          ඕකිඩී සිගොපෙටාලම්
     ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් මල් සඳහා පින්තුර ප්‍රතිඵල                ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් මල් සඳහා පින්තුර ප්‍රතිඵල
















2 comments:

ඕකිඩ් හෙවත් උඩවැඩියා 2.................

ඕකිඩ් හෙවත් උඩවැඩියා 2 ....................                                        ඕකිඩ් පැළ බෝ කර ගැනීම                       ...