Wednesday, January 10, 2018

හැඩකාරී





බොන්සායි කලාව 

bonsai සඳහා පින්තුර ප්‍රතිඵලඅදාළ රූපය




බොන්සායි කලාව යනු, පැතලි බදුනක සිටවූ කුඩා ශාකය යන්නයි. මුලින්ම චීනයෙන් ආරම්භ වන මෙම කලාව විචිත්‍ර භූ දර්ශන නිර්මාණය කිරීම මෙන්ම ගෙවතු අලංකරණය කිරීමට යොදා ගනු ලැබූ ජනප්‍රිය කලාවකි. චීනය සහ ජපානය අතර වෙළෙඳ හා සංස්කෘතික ප්‍රබෝධයේ ප්‍රතිඵලයක් ලෙස මෙම කලාව ජපානයේද ඉතා ජනප්‍රිය විය. මෙය පසුව ජපානයේ සංස්කෘතික අංගයක් බවට පත් විය. එමෙන්ම එරටට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ශනය දිනා ගැනිමටත් මෙම කුරු ශාක වගා කිරීමේ කලාව පත්ව ඇත.අද වන විට මෙය මෙරටෙහිද කලාවක් බවට පත්ව අැත
අනෙක් ශාක මෙන්ම මෙම වගාවන් සඳහාද ආහාර සහ ජලය යෙදීම අවශ්‍ය වේ.
බොන්සායි වගාවේ වැදගත් අංග
  1. ජල සම්පාදනය
  2. පොහොර යෙදීම.
  3. බදුන් ගත කිරීම.
  4. කප්පාදු කිරීම.
  5. මට්ටම් කිරීම.
  6. ගස හැඩ කිරීම.
බොන්සායි ශාක සිටුවීම සහ කප්පාදු කිරීම

වගාව සඳහා විවිධ ශාක වර්ග ගණනාවක් ඇත. උදාහරණ ලෙස, කළු පයින් ශාකය, ජූනිපර්, දේවදාර, මේපල්, ඔලිව්, කස වැනි ශාක විශේෂ පවති. තවද බොන්සායි ශාක වගා කිරීමේ දී මූල ආකෘතිය නිර්මාණය සඳහා විවිධ ක්‍රම අනුගමනය කෙරේ.
  • සිරස් ආධාරයක සිටුවූ විධිමත් භෝග වැවීමේ ක්‍රමය.
  • අවිධිමත් ක්‍රමය.                                                                                     
  • කුඩා දියඇල්ලක ආකාරය.
  • වන ලැහැබ ආකාරය.
මෙම කුරු ශාක හෙවත් බොන්සායි ශාක වගාවේ දී ඉතාමත් වැදගත් අංගයක් වන්නේ කප්පාදු කිරීමයි. අවශ්‍ය ආකෘතිය කිසි පරිදි පවත්වා ගෙන යාමට නම් නිතර කප්පාදු කිරීම කළ යුතුය. සාමාන්‍යයෙන් අතු කප්පාදු කිරීම මෙම කලාවේ පවතින වැදගත්ම කොටසයි. මේ සඳහා කුඩා ගෙවතු කතුරු සහ කප්පාදු කිරී‍මේ කතුරු වැනි උපකරණ භාවිතා කළ හැකිය. මෙම ශාක වගාව තරමක් අසීරු කාර්‍යයක් වනමුත් නිදහස් වටපිටාවක් තුළ කිරීම මඟින් එය විනෝදාංශයක් බවට පත් කරගත හැකිය.

පස සකස් කිරීම
මෙම බොන්සායි ශාක සඳහා තෙතමනය අවශ්‍ය වේ. මේ සඳහා කදිම විකල්පයක් ලෙස මූල පද්ධතිය වටා පාසි වියනක් ලෙස තැබීම කළ හැකිය. මෙමඟින් බාහිර අලංකරණයක් මෙන්ම ශාකයට අවශ්‍ය තෙතමනය ද ලැබේ. බොන්සායි ශාකවලටද අනෙක් ශාකවලට මෙන්ම ආහාර හා ජලය අවශ්‍ය වන නමුත් එම ශාකය සඳහා බඳුන් පස සැකසීමේ දී භාවිතා කරන අමුද්‍රව්‍ය වට්ටෝරුවක් පවතී.  කාබනික පොහොර, කුඩා ගල් කැට හෝ වැලි කැට, ලෝම් පස, ජීර්ණක පාසි, කොළ සාරය, පයින් ශාකයේ පොතු වැනි ස්වාභාවික අමුද්‍රව්‍ය රාශියක් යොදා ගනු ලැබේ.


නව පැලයක් ලබා ගත හැකි ක්‍රම
j  1.අතු මගින් මුල් අද්දවා ගැනීමෙන් (Air Layering)
            අවශ්‍යතාව පරිදි අදාල මව් ශාඛයේ අත්තක් තෝරාගෙන එය අවශ්‍ය දුරකින් සළකුණු කර පොත්ත අඟල් භාගය පමණ දුරට ඉවත් කර (Air Layer) මුල් අද්දවා ගැනීමෙන් හෝ සාමාන්‍ය ප්‍රමාණයක කඳක් Air Layer කර මුල් ඇදුනු පසු ගත හැකිය. මුදුන් මුලක් හට නොගන්න නිසා වඩත් පහසු බොන්සායි නිර්මාණයක් කර ගැනීමට හැකිවේ.

  1. රූට් බෝල් ක්‍රමය (Root ball)
            පැලය එහි මුල්වලට හානියක් සිදු නොවන පරිදි වටේ පස් කුට්ටියක් සමග උදුරා ගැනීම මෙමගින් සිදු වේ. බොන්සායි මාධ්යක සිටුවීමට පෙර පස් ඉවත් කල යුතු නිසා රූට් බෝල් කල පැලය මුල් සවි වන තුරු ටික කලක් සාමාන්‍ය පෝච්චියක සිටුවීම අවශ්‍යය.

  1. අතු කැබලි සිටු විම
එතරම් සාර්ථක ක්‍රමයක් නොවුනත් ඉක්මනින් මුල් ඇද ගන්න ශාඛ සඳහා මෙම ක්‍රමය උපයෝගී කර ගත හැකිය.
මෙහිදී මුලින් වඩාත් නොමේරූ දළු අඩු අතු කැබැල්ලක් තියුණුව කපා මුල් අදින තුරු පෝච්චියක සිටුවීම කරයි. මීට අමතරව නුග වර්ග බොහොමයක් වතුර දැමූ වීදුරු හෝ ප්ලාස්ටික් භාජයනකට අතු කැබැල්ලක් දමා හිරු එළිය යන්තමින් වැටෙන ස්ථානයක තැබීමෙන් මුල් අද්දවා ගත හැකිය (වඩාත් විශාල අතු මෙම ක්‍රමයට යෝග්‍ය නොවේ.

      4 බීජ රෝපණය
            ඉතා දිගු කලක් දැරීමට සිදුවේ. මුදුන් මුලක් සහිත නිසා එය ඉවත් කර ගැනීමට කටයුතු කල යුතුය. ජලය අවම වීමක දී මිය යාමට ඉඩ කඩ බොහෝ ඇත.
ඉහත සඳහන් කල පරිදි වගේම තාප්ප, ගස් බෙන, ගල් මත රෝපණය උනු ගස් වර්ග ඉතා පහසුවෙන් සාදා ගත හැකි අතර ඒවයේ ශාඛ කඳ මෝරා ඇති බැවින් බොන්සායි නිර්මාණ සඳහා යෝග්‍යය වේ.
බොන්සායි වගා මාධ්‍ය                                                           
Image may contain: tree, plant and outdoor- මෙහි දී කැටමය වගා මාධ්‍යයක් යොදා ගනියි.
- මේ සදහා ජල වහන සිදුරු සහිත බදුන් භාවිතා කරයි.
  • අගුරු (තද දැව අගුරු)
  • උළු / ගඩොල් කැට
  • හොදින් වියළු ගොම
  • හොදින් වියළු සාමාන්‍ය පස් (රතු පස)
  • වැලි
ක්‍රමය :-

  1. ඝනකමින් වැඩි ද්‍රව්‍ය සියල්ල වෙන වෙනම කුඩු කර ගැනීම.
  2. එක් එක ද්‍රව්‍යයන් වර්ග පළමුව අගල් 1/4 දැලෙන් හලා ගැනීම.
  1. ‍සල්ලඩයේ ඉතිරි කොටස් ඉවත් කිරීම.
  2. අනෙක් කොටස අගල් 1/8 දැලෙන් හලා ගැනීම.
  3. සල්ලඩයේ ඉතුරු වූ කොටස පළමු පස් කාණ්ඩය ලෙස යොදා ගනි.
  4. මෙලෙසින් පස් කාණ්ඩ 03ක් ලබා ගනී.
  5. අවශ්‍ය ද්‍රව්‍ය සියල්ලම 1,2,3 ආදී ලෙස වෙන වෙනම බදුන් වලට දැමීම සිදු කරයි.
  6. සෑම කොටසකින්ම සමාන ප්‍රමාණයෙන් පළමු, දෙවන හා තෙවන පස් කාණ්ඩ 03 සකසා ගනී.
  7. සුදුසු ශාකයක් මේ සදහා තෝරා ගෙන එහි පාදස්ථයේ සිට අගල් 04ක් දක්වා ඇති අතු ඉවත් කිරීම සිදු කිරීම.
  8. අවශ්‍ය පරිදි අතු සකස් කර ගැනීම සදහා තඔ කම්බි වැනි මල නොබැදෙන කම්බි වර්ගයක් ආධාරයෙන් අතු සැකසීම සිදු කරයි.
  9. ශාකයේ මුදුන් මුලෙන් 1/4 පමණ උසින් කපා අනෙක් මුල් ප්‍රමාණයෙන් 1/3 ක් පමණ කපා ඉවත් කිරීම සිදු කරයි.
  10. පසුව කැප්ටාන් වැනි දිලීර නාශකයක් තුළ ගිල්වා තබයි.
  11. පසුව සුදුසු බදුන් වර්ගයක් තෝරා ගෙන එහි ජලවහන සිදුරු කුඩා නෙට් කැබලි යොදා පසුව අගල් 1 පමණ උසට පළමු පස් මිශ්‍රණයෙන් තට්ටුවක් යොදයි.
  12. දෙවන පස් තට්වුව බදුනේ උසින් 2/3 පමණ යොදයි.
  13. පසුව බදුනේ මාධ්‍යයට මදක් පිටුපසින් පැළය තබා මුල් වැසෙන සේ තෙවන පස් මිශ්‍රණය යොදයි.
  14. මෙහිදී පාදස්ථයට පස් මුදුන් කිරීම සිදු කරයි.
  15. ඉන් පසු පාසි යොදා මාධ්‍ය ආවරණය කරයි.
  16. සතියකට වරක් ඔස්මකොට් වැනි පොහොර යෙදීම සිදු කරන අතර මෙහි දී නයිට්‍රජන් අඩු පෙහොර වර්ගයක් යොදා ගනී.
  17. දිනකට වරක් ජලය ස්ප්‍රේ කළ යුතුය.
  18. සෙවණ තත්වය 80% යටතේ මාස 02 පමණ තබා පසුව 100% හිරු එළියට නිරාවරණය කළ හැකිය.

   බොන්සායි කලාව වූ කලී ආකර්ෂණීය ප්‍රතිඵල ගෙනදිය හැකි තෘප්තිජනක මෙන්ම නිර්මාණශීලී විනෝදාංශයකි. සොඳුරු බව, විධික්‍රමය හා අත්දැකීම් පිළිබඳ හැඟීම ඊට පාදක වී තිබේ. මනාව හැදීවැඩුණු බොන්සායි ශාක බොහෝ වටිනාකමින් යුතු වෙයි. එබඳු ශාක විරලය. නිසි පරිදි සැලකිලිමත්ව රැකබලා ගත හොත් ඒවා දර්ශනීය කලා කෘතීන් බවට පත්විය හැකිය. චිත්‍රයක්‌ හෝ මූර්තියක්‌ පරිද්දෙන් එක්‌ එක්‌ බොන්සායි ශාකයන් සුවිශේෂී මෙන්ම පෞද්ගලික වූ ලක්‍ෂණ යන්ගෙන් යුතු වනු ඇත

18 comments:

  1. Ur blog will help to make a Bonsai who loves it very much..

    ReplyDelete
  2. බොන්සායි කලාවට ගොඩාක් කැමතියි ... useful article 💗💗

    ReplyDelete

ඕකිඩ් හෙවත් උඩවැඩියා 2.................

ඕකිඩ් හෙවත් උඩවැඩියා 2 ....................                                        ඕකිඩ් පැළ බෝ කර ගැනීම                       ...